brand logo

තැපෑලෙන් යළිත් ගෙදරටම බෙහෙත්

04 November 2020

රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව නිවසටම ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල හෙට (05) සිට යළි ආරම්භ කරයි. රෝගීන් වෙත ඖෂධ ගෙනවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය ලබාදීම අවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි. තමන්ගේ සායනික පොත් සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, අදාළ රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. එවිට ඔබේ රෝහලේ කාර්යය මණ්ඩලය අදාළ බෙහෙත් ඇසුරුම් සකස් කර තැපැල් කාර්යාලයට භාර දෙන අතර, ලිපි බෙදා හරින නිලධාරියා මගින් එය අදාළ රෝගියාගේ නිවසටම ගෙනවිත් භාර දෙනු ලබයි. රෝහල වෙත තොරතුරු සැපයීමේදී තම ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා ග්‍රාම නිලධාරින්ගේ ද සහය ලබා ගැනීම සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කරයි.
 

More News..