brand logo

තැපැල් සේවක වැඩ වර්ජනය අද සවස 4න් පසුව අවසන්

18 July 2019

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (16දා) සවස 4.00 සිට ක්‍රියාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය අද (18දා) සවස 4.00 පසු අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි. මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (17දා) දිනයේදී සියලු තැපැල් කාර්යාලවල කටයුතු ඇනහිටි බව එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළ අතර එසේම නව සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කර ගැනීමටත්, ඇති වී තිබෙන වැටුප් හා උසස්වීම් ගැටලු විසඳා ගැනීමටත් මෙම ක්‍රියාමාර්ග දියත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය. මධ්‍යම තැපැල් හුවමාරුවට ලිපි භාර ගැනීම හා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලිපි බෙදාහැරීම් කටයුතු මේ වනතෙක් සිදුනොකළ බවත්, අද (18දා) දින සවස 4.00 වනතුරු මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවත් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
 

More News..