brand logo

තැපැල් පාඩුව බිලියන 6ක්

30 September 2020

ශ්‍රී ලංකා තැපැල් සේවාව තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට පත්විය හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණ කළහොත් ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදී සඳහන් කළා. තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව ලබන බව එම සාකච්ඡාවේදී හෙළිකර තිබෙනවා. එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිපුනතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවිමටත් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරිමටත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. විදේශ ටෙලිනාට්‍ය හඬ කවා විකාශනයේදී අය කෙරෙන බදු නැවත සක්‍රිය කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
 

More News..