brand logo

තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප වෙයි

16 October 2019

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කළ බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බව එම කොමිසම සඳහන් කළේය. ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වනදා සහ ලබන මස 01 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැක.
 

More News..