brand logo

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

01 November 2019

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද (01) දෙවන දිනටත් සිදු කිරීමට නියමිතයි. තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය වූ ඊයේ දිනයේ සමස්තයක් ලෙස සාමකාමීව තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය. ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය සළකුණූ කිරීම සාමකාමීව පැවතිබව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සියයට අසූවක් පමණ ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. මේ අතර සියලුම පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්දය සලකුණු කිරීමේ කටයුතු නොවැම්බර් මස හතරවැනි දා (04) සහ පස්වැනි දා (05) සිදු කෙරෙන අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීමට නො හැකිවූ තැපැල් ඡන්දදායකයන්ට නොවැම්බර් මස හත්වැනි දා (07) අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි ය. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ද නොවැම්බර් හත් වැනිදාට යෙදී ඇත.
 

More News..