brand logo

තැපැල් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

14 August 2022

සංශෝධනය වන තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

සංශෝධනය වන තැපැල් ගාස්තු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, ව්‍යාපාරික ලිපියක් සඳහා මෙතෙක් පැවති රුපියල් 15ක ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇත. එමෙන් ම පුණ්‍යායතන, ස්වේච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත ලිපි තැපැල් කිරීමට ලබාදෙන සහනය යටතේ ග්‍රෑම් විස්සක් දක්වා වූ ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 30 දක්වා ඉහළ දමා තිබේ. ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රුපියල් 30 සිට රුපියල් 60 දක්වා ඉහළ දමා ඇත. කුඩා මුද්දර කවරයක් රුපියල් 18 සිට රුපියල් 60 දක්වාත්, විශාල ප්‍රමාණයේ මුද්දර කවරයක් රුපියල් 20 සිට රුපියල් 70 දක්වාත් මිල සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙතෙක් රුපියල් 10ක් ලෙස පැවති තැපැල් පතක මිල රුපියල් 20ක් දක්වා ඉහළ දමා ඇති අතර එක්දින තැපැල් හැඳුනුම් පත් සේවා ගාස්තුව රුපියල් 100 සිට රුපියල් 200 දක්වා ඉහළ දමා ඇත. අදාළ ගාස්තු පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වේ.
 

More News..