brand logo

තැපැල් කාර්යාල 4කට මහජනාධාර මුදල් ගිහින් දුන් සේවකයාට කොවිඩ්

05 January 2021

පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර නිරෝධායනයේ සිටිය දී සේවයට ගෙන්වා උප තැපැල් කාර්යාල හතරකට යැවූ බොරැල්ල ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු ආසාදිතයෙකු බව පී.සී.ආර් වාර්තාවෙන් හෙළිවී ඇති බව වාර්තා වේ. බොරැල්ල තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇතැයි හෙලිවීමත් සමග ඉකුත් සතියේ එම තැපැල් කාර්යාලය වසා දමා සියලූ සේවකයන් පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර නිරෝධායනයට ලක් කරනු ලැබීය. තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සදුදා එම සේවකයා තැපැල් කාර්යාලයේ සිට කෝපියාවත්ත, වනාතමුල්ල, ගෝතමී පාර යන උප තැපැල් කාර්යාලවලට හා මරදාන තැපැල් කාර්යාලයට මහජනාධාර මුදල් ගෙන ගෙන ගොස් දී තිබේ. එම තැපැල් කාර්යාලවලට මුදල් ගෙන ගොස් දී ආපසු පැමිණි පසු පී.සී.ආර් පරික්ෂණ වාර්තා ලැබී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත.
 

More News..