brand logo

තැපැල් කන්තෝරු අදත් විවෘතයි

12 June 2021

අදත් විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා දිවයිනේ තැපැල් කාර්‍යාල විවෘත කර ඇත. පෙරේදා (10) ආරම්භ කෙරුණු විශ්‍රාම වැටුප් ගෙවීම ඊයේ දිනයේද බැංකු හා තැපැල් කාර්‍යාල වලදී ක්‍රියාත්මක වූවත් අද දිනයේ තැපැල් කාර්‍යාල වලදී පමණක් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරේ. එහෙත් බොහෝ විශ්‍රාමිකයින් සිය විශ්‍රාම වැටුප් පළමු දිනයේම ලබා ගෙන තිබීම හේතුවෙන් ඊයේ (11) දිනයේ බොහෝ වැටුප් ගෙවීම සිදු කෙරුණු ස්ථාන වලට විශ්‍රාමිකයින් පැමිණීම අඩු විය. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..