brand logo

තැපැල්පතිගෙන් විශේෂ නිවේදනයක්

26 March 2020

සියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තවදුරටත් තැපැල් මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යෑම දුෂ්කර වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම තීරණ ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01. ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවෙන අවස්ථාවන්හි දී අවම වශයෙන් දිනකට පැය දෙකක කාලයක් සියලු තැපැල්/උප තැපැල් කාර්යාල විවෘතව තැබීම. 02. අත්‍යවශ්‍ය පාරි‍භෝගික භාණ්ඩ‍ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සහ කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනුයුක්ත කිරීම. 03.දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉල්ලා සිටින්නේ නම් මෙහෙයුම් කටයුතු සඳහා තැපැල් කාර්යාල පරිශ්‍රයන් භාවිතයට ‍ගැනීමට ඉඩ සලසා දීම. 04. කොරෝනා වෛරස පාලන කාර්ය සාධන බලකායෙන් ලැබෙන උපදෙස් පරිදි රජයේ රෝහල්වල සායන මඟින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන් සඳහා නිවෙස් වත රැගෙන ගොස් බාර දීම. ඒ ඒ රෝහල්වල ලියාපදිංචි සායන මඟින් ප්‍රතාකාර ගන්නා රෝගීන් වෙත රෝහලෙහි ඇති සායනය පත්‍රිකා පරීක්ෂා කර, ඒ ඒ රෝහල් විසින් පාර්සල් කොට ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් වෙත නිකුත් කරනු ලබන ‍ඖෂධ තැපැල්කරුවන් විසින් අදාළ රෝගීන් වෙත ‍නිවෙස් / ආයතන වෙත බාර දෙනු ලැබෙයි.  
 

More News..