brand logo

තාරුණ්‍යයේ අපේක්ෂාවන් දල්වන්නට මහජන බැංකුවෙන් People's Spark

27 February 2021

තමන්ගේ ව්‍යාපාරයක් සාර්ථකව කිරීමට ලැදි ශ්‍රී ලාංකීය තාරුණ්‍යය බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් People's Spark ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. මෙහි අරමුණ ශ්‍රී ලංකාවේ තරුණ උපාධිධාරීන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් 5 වැනි මට්ටමට සමාන (NVQ Level 05) හෝ එයට වඩා වැඩි වෘත්තීය සුදුසුකම් සපුරනු ලැබූ තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් පුහුණුවක් සහ දැනුමක් ලබාදී ඇප රහිත ණය පහසුකම්ද පිරිනැමීම තුළින් ඔවුන් තුළින් සාර්ථක අනාගත ව්‍යවසායකයන් නිර්මාණය කිරීමයි. මෙම වැඩපිළිවෙළ ඔස්සේ නිෂ්පාදන කේන්ද්‍ර කරගත් ව්‍යාපාර සහ සේවා වර්ධනය කිරීමට මූලික අවධානය යොමුකරයි. මෙහිදී කෘෂිකර්මාන්තය යටතේ ගොවිතැන, පශූ සම්පත්, ධීවර, කෘෂි නිෂ්පාදන එකතු කරන්නන් සහ අතරමැදියන්, කුඩා සහල් මෝල් හිමියන් වැනි අංශ සම්බන්ධයෙන් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත, ආහාරපාන හා සම්බන්ධ අංශ, නවෝත්පාදන හා තාක්‍ෂණය පදනම් කරගත් ව්‍යාපාර කෙරෙහි මූලික අවධානයක් යොමු කරයි. සේවා අංශයේ සෞඛ්‍ය, අධ්‍යාපන, සහායක සේවා, සන්නිවේදන වැනි අත්‍යවශ්‍ය සේවා මෙන්ම සංචාරක කර්මාන්තයේ සේවා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර තිබේ. පළමුවෙන්ම ඉහත සඳහන් කළ ක්ෂේත්‍රයන් තුළ ව්‍යාපාර කිරීමට කැමැත්තක් ඇති, සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ තරුණ තරුණියක් 150 දෙනකු පමණ තෝරා ගැනීමට අපේක්‍ෂා කරයි. අනතුරුව තෝරාගත් පිරිසට දේශීය ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මැදිහත් වීමෙන් දින පහක හයක කාලයක් ව්‍යවසායකත්වය සම්බන්ධ විවිධ ක්‍ෂේත්‍ර ආවරණය කර ගනිමින් දැනුම ලබාදීමක් සිදුකෙරේ. මින් අනතුරුව ඔවුන් කැමති ක්‍ෂේත්‍ර තුළ සාර්ථකත්වය ලැබූ ව්‍යවසායකයකු යටතේ මාස තුනක කාලයක් පුහුණුවීමේ අවස්ථාවද ලබාදෙයි.
 

More News..