brand logo

තානාපති වරප්‍රසාද යටතේ හොරට ගෙනා මෝටර් රථ මාට්ටු

12 January 2021

  විදුලි ජනක යන්ත්‍ර කොටස් බවට හඟවමින් මෙරටට ආනයනය කර තිබූ නීති විරෝධී මෝටර් රථ 12ක් රේගු භාරයට ගෙන ඇත. වටිනාකම රු:550,00,000ක් වන එම මෝටර් රථ කොළඹ වාරයේදී පසුගිය දෙසැම්බර් 23 රේගු භාරයට පත්ව තිබුණා. ඔරුගොඩවත්‍ත, වැලිගම්පිටිය ප්‍රදේශයේ බහාලුම් අංගනයේ දී එය අද දින විවෘත කර ඇත. මෙහිදී එම බහාලුම් 03 විවෘත කිරීම මාධ්‍යවේදීන් ද ඉදිරියේ සිදුව ඇති අතර එහිදී ටොයෝටා හයි ඒස් වෑන් රථ 02 ක්, ටොයෝටා විට්ස් කාර් රථ 03 ක් , නිසාන් මිනි වෑන් 01 ක් , හයි ජෙට් මිනි වෑන් 03 ක් සහ හස්ට්ලර් වැගන් රථ 03 ක් ද මෙහිදී සොයාගනු ලැබුවා. බහාලුම් 3ක සිංගප්පූරුවේ සිට තානාපති වරප්‍රසාද යටතේ එම මෝටර් රථ කොළඹ වරයාට එවා තිබුන බව වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ වරායේ සේවය කරන වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
 

More News..