brand logo

තාත්තා නිසා නළුවෙක් වෙන්න පහසු වුණා

27 February 2021

නාඩගම්කාරයෝහි රත්නෙට මේ දිනවල ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඇඟට පතට නොදැනි අනිත් අය හිනස්වන රත්නෙගෙ වතගොත සොයල බැලුවේ හැමෝම කැමති වෙයි කියල හිතලා. ජනතාවගෙන් රත්නෙට ලැබෙන ආදරය කොයි වගේද? ඔව් පාරෙ යද්දි ගොඩක් දෙනා රත්නෙ ගැන අහනවා. එතකොට ගොඩක් සතුටුයි. යාළුවා එක්ක සෙල්ලම් කරද්දිත් අපේ ක්‍රිකට් ටීම් එකේ යාළුවො මට රත්නෙ කියල තමයි කතා කරන්නෙ. ශාරද්ට රත්නෙ කියල අමතද්දි අපහසුවට පත් වෙනවද? නැහැ මම ඒකට ආසයි. ශාරද්ට දැන් වයස කීයද? මට අවුරුදු 17 යි. ශාරද් මේ කුලුඳුලේ රඟපානව නෙවෙයි නේද? මම මුලින්ම රගපෑවේ මලී 2 අත්තම්මා ටෙලි නාට්‍යයේ. එතකොට මම හතරෙ පන්තියෙ ඉගෙන ගන්නව. දිගටම රංගනයේ නිරත වෙන්නද අදහස.... පුංචි කාලෙ ඉඳන් මගේ ලොකුම ආසාව වෙලා තියෙන්නෙ වීඩියෝ කැමරාකරණයට හා වීඩියෝ සංස්කරණ ශිල්පයට යි. ඒ නිසා තමයි පොඩිකාලෙ කිව්වෙ මට රඟපාන්න ඕනෑ කියල. ඊට පස්සෙ අපේ අප්පච්චිගෙ හැඳුනුම්කම් මගින් තිලිණ බොරලැස්ස අංකල්ගෙ මලී 2 අත්තම්මා ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබෙන්නෙ. ඉදිරියෙදිත් රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න කැමැතියි. අනාගතයේ වීඩියෝ තාක්ෂණ ශිල්පියෙක් වෙන්න අදහස් කරනව. එහෙම බැරි වුණොත් ඉංජිනේරු තාක්ෂණය හදාරල ගුවන් නියමුවෙක් වෙන්නත් පොඩි අදහසක් තියෙනව. මෙහෙම ගිහින් දිගටම උපහාස නළුවො වෙන්න වුණොත්.... මම වැඩියම ආස දුෂ්ටයගෙ චරිතයට. ඒ අතර හාස්‍ය චරිත ලැබුණොත් කරනව. රත්නෙ ඇතුළෙන් මතුව එන හාස්‍ය ශාරද් තුළින් නිරායාසයෙන්ම ගලා එන්නක්ද? නැහැ. රත්නෙගෙ චරිතය ගැන කතා කරද්දි කොමඩි කලින් කරල නැති නිසා ගිරා අංකල් ගොඩක් වෙලාවට දෙබස් උච්චාරණය ගැන කියල දෙනව. සද්ධා අංකල් චාමර අංකල් අප්පච්චි වගේම සෙට් එකේ හැමෝගෙම සහයෙන් තමයි රත්නෙ කියන චරිතය හැදෙන්නෙ. ශාරද්ගෙ පියා ප්‍රකට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් නේද ? ඔව්. මගේ අප්පච්චි ජයප්‍රකාශ් ශිවරුනාදන්. තාත්තා ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ යෙදෙනවා. අම්මා ධම්මිකා ඕවිස්ස පූජාපිටිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනව. මට තව මල්ලි කෙනෙක් ඉන්නව. මම ඉන්නෙ නුවර ගලගෙදර. මේ ප්‍රකට තාත්තයි පුතයි ටෙලි නාට්‍ය වැඩවලට නිතර නුවර ඉඳන් කොළඹ එනවද? අප්පච්චිගෙ ගෙවල් කඳානෙ තියෙන්නෙ. අප්පච්චි වැඩවලට පහසු නිසා වැඩ කරද්දි කඳානෙ නතර වෙලා ඉන්නව. අපි ගෙවල් හදල තියෙන්නෙ නුවර. අම්මයි මමයි මල්ලියි ඉන්නෙ නුවර. අප්පච්චි වැඩ ඉවර වුණහම ගෙදර එනව. තාත්තා ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වීම නිසා ශාරද්ට මේ ගමන පහසු වුණාද? ඇත්තම කියනව නම් ඔව්. මට රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න ලොකු අභියෝග ආවේ නැහැ. මට තියෙන එකම අභියෝගය මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන්න රංගන කටයුතු කරගෙන යාමයි. ශාරද් තවම පාසල් යනවද? ඔව්. මම 2022 අවුරුද්දෙ ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිටින්නෙ. මම තවමත් පාසල් ශිෂ්‍යයෙක්. අප්පච්චිගෙ අධ්‍යක්ෂණයට යෙමුවීම පහසුයිද? ඔව් ඇත්තටම අප්පච්චි එකක් වැඩ කරන එක ලේසියි. අප්පච්චි හිතන විදිහ ගැන මම දන්න නිසා නිර්මාණයක් කරද්දි එයා කියන්නෙ මොකක්ද කියල මට වටහා ගන්න වැඩි පහසුවක් තියෙනව. ශාරද් රඟපානවට ගෙදර අයගෙ ලොකු කැමැත්තක් තියෙනවද? මම හිතනව මම මේ ක්ෂේත්‍රයට ආව එක ගැන අප්පච්චි සතුටු වෙනව කියල. අම්ම කිව්වෙ ඉගෙනීමේ වැඩ අතපසු කරගන්නෙ නැතිව රඟපෑම් වැඩ කරගන්න කියලයි. ශාරද්ගෙ ඉදිරි වැඩ ගැන යමක් කියන්න... ඉදිරියේ රූගත කිරීමට නියමිත පාර වසා ඇත ටෙලි නාට්‍යයේ මගේ චරිතයක් තියෙනව. ඒ අතර මම ශාරද් චන්දිම යන නමින් යූ ටියුබ් චැනලයක් කරනව. ඒකෙ මම එඩිටින් සහ වීඩියෝග්‍රැෆික් ගැන වැඩසටහන් ඉදිරිපත් කරනව. තව විනෝදාංශයක් විදිහට කෙටි චිත්‍රපට කරනව රංගනය සමගම ඉදිරියේ ඔය වැඩත් කරගෙන යනව. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..