brand logo

තාක්ෂණයෙන් බලගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එලි දකියි

12 June 2019

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග ඊයේ එලි දැක්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)පැවති උත්සවයකදීය. සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිලිවෙලේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එලි දැක්වීමේ උත්සවය ඊයේ දින නෙලුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ස්මාර්ට් ගවර්මන්ට්, ස්මාර්ට් සිකියුරිටි, ස්මාර්ට් ට්‍රාන්ස්ප්‍රෝර්ට් ඇතුලු රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන පරිදි සංකල්ප 16 ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප්‍රකාශයට පත් කර තිබේ. අසීමත ඔබ නම් සංකල්පය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ ඉදිරි දැක්ම යථාර්තයක් බවට පත්කර ගැනීමට කැපවූවන් අගය කරමින් ජනාධිපති සම්මාන පිලිගැන්වීමද මෙහිදී සිදුවිය.
 

More News..