brand logo

ත්‍රී රෝද රථයක් පෙරලි ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මරුට

01 January 2019

ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 31 වැනිදා සවස පුත්තලම - අනුරාධපුරය මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ස්පාඤ්ඤය - සර්වේරා නගරයේ පදිංචිව සිටි කැරේරා ජුබෙන් අන්න මේරියා (අවු:36) නම්වූ කාන්තාවකි. මිය ගොස් ඇති කාන්තාව ත්‍රී රෝද රථයකින් තවත් විදේශිකයෙකු සමග ගමන් කරමින් සිට ඇත.ත්‍රී රෝද රථය පදවා ඇත්තේ මිය ගොස් ඇති කාන්තාව විසින් බව පොලීසිය කියයි.ත්‍රී රෝද රථය මාර්ගය අයිනේ ඇති සීමා පුවරුවක ගැටී අනතුරුව පෙරළී ගොස් තිබී ඇත.අනතුරින් තුවාල ලබා සිටි විදේශීය කාන්තාව පුත්තලම මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. අනතුරට පත්ව ඇති ත්‍රී රෝද රථයේ සිටි විදේශිකයා සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බව පොලීසිය කියයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..