brand logo

ත්‍රීවිල් - බවුසර් අනතුරක්

10 February 2021

  අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ' කොස්ගම, සාලාව ප්‍රදේශයේ දී වූ අනතුරින් පුද්ගලයකු ජීවිතක්ෂය පත්වතිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ (09) සවස 6.05ට පමණ වන අතර කොළඹ දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බවුසර් රථයක ගැටී ඇත. ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයේ පෙරළී ගොස් බවුසරයේ ගැටෙන අතර' එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බරපතළ තුවාල ලැබු රියදුරු හා කුඩා දරුවෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇත්තේ 68 හැවිරිදි කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බවුසර් රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..