brand logo

ත්‍රි​රෝද රථ ගාස්තුත් අඩුවේ

24 December 2019

වත්මන් ආණ්ඩුව ත්‍රිරෝද රථ සඳහා අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන ලබන ජනවාරි පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුදිල් ජයරුක් පවසයි. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා ගාස්තුව රුපියල් දහයකින් අඩුවේ. දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 45ක්ව පැවැති මිල රුපියල් 40 දක්වාද, රුපියල් 60ක්ව පැවැති මිල රුපියල් 50 දක්වාද අඩු වීමට නියමිතය. ශිරන්ති මානවඩු
 

More News..