brand logo

ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව තහවුරු කළත් දුම්රිය බියෙන් ගැහෙයි

26 May 2019

පොලිසිය හා ත්‍රිවිධ හමුදාව රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට එම ප්‍රධානීන් ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව බෝම්බ බියක් නිසා භාණ්ඩ පාර්සල් ප්‍රවාහනයට භාර නොගන්නා බව වාර්තා වේ. තිස් වසරක යුද්ධයක් පැවැති කාලයේත් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය සිදු වූ අතර පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මාසයක් සඳහා දුම්රියට භාණ්ඩ හා පාර්සල් භාර ගැනීම අත්හිටුවීය. මේ හේතුවෙන් ගම්බිම් බලා යන මගීන්ට සේම මාස්පතා දුරබැහැර පිට පළාත්වලට හාල්, පොල් ආදිය සේම පිට පළාත්වල වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයින්ට පිටකොටුවෙන් යවන භාණ්ඩ භාර නොගැනීම නිසා මගීන් සේම ව්‍යාපාරිකයින් දැඩි ගැටලුවකට මුහුණ පා ඇත. මෙම තත්ත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුවට ද දෛනිකව ලැබෙන රුපියල් ලක්ෂ 5ක ආදායමද අහිමි වී ඇත. මේ සම්බන්ධයෙන් දුම්රිය වාණිජ කළමනාකරු ඉඳිපොළගේගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශය සමග සාකච්ඡා කළ බවත් භාණ්ඩ හා පාර්සල්වල වගකීම ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා භාණ්ඩ භාරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.
 

More News..