brand logo

ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කෙරේ

23 May 2019

ත්‍රිවිධ හමුදාවේ සියලූ නිලධාරීන්ට සහ අනෙකුත් නිලයන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුලූ සෙසු දීමනා වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 2019 අයවැය යෝජනා අනුව මෙම දීමනා වැඩිකර ඇති අතර, ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 23,231 දක්වා වැඩි කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රුපියල් 19,350 දක්වාද වැඩි කර ඇති අතර නාවික සහ ගුවන් හමුදාවේ කමාන්ඩෝ දීමනාවද මසකට රුපියල් 1000 සිට 5000 දක්වා වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
 

More News..