brand logo

ත්‍රිරෝද රියක හැඬලයේ සඟවා අයිස්, හෙරොයින් ඇදලා

05 October 2020

ත්‍රිරෝද රථයේ හැඬලය තුළ සඟවා අලෙවිය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ගිය ජාවාරම්කරුවකු ඉකුත් 02 දින නැදිමාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව මාර්ග බාධක යොදා කළ පරීක්ෂාවෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. වයස 42ක් වන සැකකරු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිසිය හඳුනාගෙන තිබේ. වැඩිදුරටත් කළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථ හැඬලයේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් හා හෙරොයින් ග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගෙන ඇත. ඒවා නාරහෙන්පිට සිට ගල්කිස්ස බඩෝවිට ගැණුම්කරුවකු වෙත ලබාදීමට යන අතරතුර සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම මත්ද්‍රව්‍ය රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව, කොහුවල යන ප්‍රදේශවලට බෙදා හරින බව මෙම සැකකරුගෙන් අනාවරණය කරගෙන ඇත. ජේ.පී. ඥානතිස්ස - බොරලැස්ගමුව
 

More News..