brand logo

ත්‍රි'මලේ මුස්ලිම් අන්තවාදය හිස එසවීම ගැන කුරුස කන්දේ පියතුමා කරන අනාවරණය මෙන්න

16 October 2020

ත්‍රිකුණාමලය, චීනවරාය නාච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි කතෝලිකයන්ගේ ශුද්ධවූ ස්ථානයක් වූ වසර 50 කට වඩා පැරණි කුරුස කන්දට අන්තවාදී පිරිසක් විසින් හානි කර ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම පුදසුනට හානි කිරීමට මෙම පිරිස් කටයුතු කර ඇති බව අප වාර්තාකරු පැවසීය. කුරුස කන්දේ පිහිටා ඇති කුරුස කඩා දමා යාච්ඤාවන් සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා සකස් කර තිබූ අසුන් කිහිපයක්ද මෙම පිරිස් විසින් කඩා දමා ඇති අතර කන්දට ප්‍රවේශවීමේ මාර්ගය පවා අසුරා විවිධ ඉදිකිරීම් කර ඇත. මේ වන විට එම පුදබිමෙහි ඉඩම් විවිධ පිරිස් විසින් අත්පත් කර ගනිමින් තිබෙන බව දේවස්ථානයේ මීසම් පාලක ජෝර්ජ් දිසානායක පියතුමා කියා සිටියහ. පසුගියදා දේව මෙහෙය පැවැති මොහොතේ එම ස්ථානය අවහිර කළ පිරිස් එම ස්ථානය අපවිත්‍ර කොට විවිධ ඉදි කිරීම් කරමින් පැවැති අයුරුයි මේ. එමෙන්ම ඔහු පියතුමා ඇතුළු කතෝලික බැතිමතුන්ට බැණ වදිමින් තර්ජනය කරමින් දේවස්ථානයෙන් එළවා දැමීමට ද කටයුතු කර තිබුණි. සුමේධ රොෂාන් - ත්‍රිකුණාමලය https://youtu.be/T9ynsKRp5eI  
 

More News..