brand logo

ත්‍රිමලේ මුවන්ට සහ ධීවරයින්ට අපල කාලයක්

28 August 2018

අවිධිමත් සංවර්ධනය නිසා ත‍්‍රිකුණාමලයේ මුවන්ටත් ධීවරයින්ටත් නරක දසාවක් උදාවෙමින් තිබෙන බව සොබාදම් පරිසර අධ්‍යයන කේන්ද්‍රය පවසයි. මුවන් සඳහා ඉතිරිව තිබු ලඳු කැලෑ හා තෘණ බිම් සහිත සංඝමිත්තා බෞද්ධ විශ‍්‍රාම ශාලාවට යාබද භූමිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් හිතුමතේ අත්පත්කර ගනිමින් සිටින නිසා යටත් විජිතසමයේ සිට ත‍්‍රිකුණාමලය ලන්දේසි කොටුව හා නගරය ආශ‍්‍රිතව නිදැල්ලේ ජීවත් වූ මුවන්ගේ වාස භූමි අහිමි වීමේ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් 520 ක් පමණවන ත‍්‍රිකුණාමලයේ මුව ගහණය සංවර්ධන අනාථයන් බවට පත්ව ඇති බවත් සොබාදම් පරිසර අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති නීරංග වික‍්‍රමසිංහ මහතා වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතාට පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ වනජීවී ඇමතිවරයා අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් අදහස් විමසීම සදහා පසුගියදා ත්‍රිමලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ස්ථානයේ මේ වන විට රුපියල් ලක්ෂ 450 ක වියදමින් මහජනයා සඳහා විනෝද උයනක් ඉදිකිරිමේ කටයුතු මඩකලපුවේ පුද්ගලික සමාගමකට භාරදී  ඇති බවත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් දශකහතරක් පුරා බිලීපිති ධීවර කර්මාන්තයේ නිරත වූ ධීවරයන්ටත් වසර සිය ගණනක්පුරා එම ස්ථානයේ නිදැල්ලේ හැසිරුණු මුවන්ටත් සිය වාසභූමිය අහිමිව යාමේ අවදානමක්ප වතින බවත් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
 

More News..