ත්රිමලේ ධීවරයන්ට අහම්බෙන් හමු වූ මිනිමුතු ආයිත් මුහුදටම දමයි
15 June 2021
ත්රිමලේ ධීවරයන්ට අහම්බෙන් හමු වූ මිනිමුතු ආයිත් මුහුදටම දමයි
15 June 2021
ත්රිකුණාමලය කල්ලරාව ප්රදේශයේ ධීවරයන්ගේ දැලකට හසු වූ මිණිමුතු මෝරෙකුගේ දිවි බේරා ආපසු මුහුදට හරවා යැවීමට කටයුතු කර තිබේ.
ඊයේ (14) එම ප්රදේශයේ ධීවරයන්ගේ මා දැලකට එම මිණිමුතු මෝරා හසුවී ඇත.
ප්රදේශයේ ධිවරයින් සඳහන් කරන්නේ මේ දිනවල පවතින අයහපත් සුළං තත්ත්වය හේතුවෙන් මෙම මිණිමුතු මෝරුන් ගොඩබිම ආසන්නයට පැමිණෙන බවය.
පසුගිය දින කිහිපයේදීත් මේ අන්දමින් මිණිමුතු මෝරුන් කිහිප දෙනෙකුම මාදැල්වලට හසුවී ඇත.
මෙම මෝර විශේෂය ලෝකයේ වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස නම් කර ඇති අතර, ශ්රී ලංකාවේ මෙම මිණිමුතු මෝරුන් ඇල්ලීම තහනම් වෙයි.
හොඳින් වර්ධනය වූ සත්ත්වයෙකු දිගින් මීටර් 9ක් පමණ වන අතර බර කිලෝග්රැම් 9,000ක් පමණ වන බව පැවසෙයි.