brand logo

ත්‍රි'මලේ කෝවිඩ් රෝහලේ පරීක්ෂණ රෝගීන්ම කරගනියි

29 October 2020

ත්‍රිකුණාමලය ඊචලම්පත්තුව රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා කිසිදු පහසුකමක් නොමැති බව වෛරසය ආසාදිත රෝගියෙක් සදහන් කරයි. කොවිඩ්-19 වෛරසය රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ දර්ශන ද සහිතව එවා ඇති දර්ශන වලින් ඔවුන්ට නිසි ආහාර වේලක් නොලැබෙන බවත්, එම ආහාර නරක් වී ඇති බව ඔවුන් පවසයි. එමෙන්ම ආසාදිතයින් එකසිය දෙකක් එහි රැඳී සිටින අතර එයින් වැසිකිළි සහ කැසිකිළි පහසුකම් ඇත්තේ එක් ශාලාවක එක බැගින් හතරක් බව ද ඔවුන් පෙන්වා දෙයි. තවද මෙම රෝගීන්ගේ ලේ ගමනාගමනය සහ අනිකුත් රෝග පරීක්ෂාවන් සඳහා වෛද්‍යවරු නොපැමිණෙන අතර එම රෝගීන් විසින්ම තම තමා‌ ඒවා පරීක්ෂා කරන අයුරුදු එම වීඩියෝ දර්ශනවල ඇතුළත් වේ. එමෙන්ම එක් ශාලාවක රෝගීන් දහසය දෙනෙකු රඳවා ඇති බවත් ඇඳන් අතර මීටරයක පරතරයක් නොමැති බව ද කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් වීඩියෝ දර්ශන මගින් පෙන්වා දෙයි.
 

More News..