brand logo

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කරේ

05 January 2019

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරිමේ ජාතික උත්සවය අද (05) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේ පැවැත්විණි. වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාම මෙහි අරමුණ බව සදහන් වන අතර ක්‍රිෂ්තු පූර්ව 03 වන සියවසේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස උරුම වූ ථෙරවාදි ත්‍රිපිටකය රාජ්‍ය ගෞරවය ලබමින් ශත වර්ෂ ගණනාවක් මෙරට පෝෂණය වී ඇත. විවිධ වූ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඩ කර ඇත්තේ ද මාතලේ අලුවිහාරයේදී බව සඳහන් වෙයි. දෙදහසකට අධික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් එම පුණයෝත්සවය පැවැත්විණි.
 

More News..