brand logo

ත්‍රිකුණාමලය වරායත් අකුරට වැඩ

31 January 2021

    කොළඹ වරාය සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළකිරීම සඳහා ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. එසේම හෙට දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව මේ පිළිබඳව පැහැදිලි කරන ත්‍රිකුණාමලය වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එච්.එම්.ඒ හේරත් මහතා පවනවා. ත්‍රිකුණාමලය වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, “මව් සංගම් වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා දැනට කොළඹ වරාය හා ගාලු වරාය තුළ මේ වන විට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒකට සහයෝගයක් දැක්වීමක් වශයෙන් ත්‍රිකුණාමලය වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා, වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන දැනට අකුරට වැඩ කිරීමේ ව්‍යාපෘතියක් කරගෙන යනවා. එයට අමතරව හෙට දින දහවල් 12 සිට ප.ව 1 දක්වා උද්ඝෝෂණයක් ත්‍රිකුණාමලය වරාය ඉදිරිපිට ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා.“
 

More News..