brand logo

ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැසෙයි

05 May 2021

කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමත් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ජී එම් කොස්තා මහතා පැවසුවේ එම කාර්යාලයේ පරිපාලන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ හේතුවෙන් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දමා ඇත. කොවිඩ් ආසාදනය ප්‍රාදේශිය ලේකම්වරයා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර, පරිපාලන නිලධාරියා කින්නියා රෝහලට ඇතුළත් කර තිබේ.
 

More News..