brand logo

ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව ඉලක්ක වුණේ අස්ථාවර දේශපාලනය හා ආරක්ෂක හිඩැස් නිසයි - බුද්ධි අංශ කියයි

27 April 2019

පාස්කු ඉරිදා දේවස්ථාන හා තරු පන්ති හෝටල් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මගපෙන්වීම යටතේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මෙරට පවතින ආරක්ෂාවේ හිඩැස් හා දේශපාලන අස්ථාවරභාවය නිසා බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත. කල් ඇතිව බුද්ධි අංශ මගින් එම ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර තිබියදී ඒ සඳහා පිළියම් යෙදීමට නොහැකි වී ඇත්තේද එම අස්ථාවර දේශපාලන තත්ත්වය නිසා බවද සඳහන් කර තිබේ. ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයේ ඉලක්කයක් තිබිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාවද සකස් වී තිබීම විශේෂ වේ. පසුගිය 21 වැනි දින එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය භාර ගෙන ඇත.
 

More News..