brand logo

ත්‍රස්තවාදයට හෝ ආගමික අන්තවාදයට නැවත කිසිදු ඉඩන් නැහැ

19 February 2020

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. ජනතාව හමුවේ තමා කියා සිටි “සුරක්ෂිත රට” බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළ බවත්, ඒ සඳහා ආරක්ෂක ලේකම්ගේ සිට දක්ෂතම නිලධාරීන් පිරිසක් බුද්ධි අංශයට පත් කර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය. ඔවුන්ට බලතල නොබියව භාවි‍තා කිරීමට අවසර දී ඇති අතර, නැවත ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා යළි අවධාරණය කළේය. “පසුගිය වසර පහ තුළ රටට ලැබුණු ආයෝජන අවස්ථා එදා රජයේ අක්‍රීයබව නිසා අහිමි වී ගියා. ආයෝජන නැවත ලබා ගැනීමට අප කැපවී ක්‍රියා කරනවා. ඉන්දියාවට, චීනයට මෙන්ම බටහිර රාජ්‍යයන්ට අපේ රජය ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ රටවල ආයෝජන මෙරට ආර්ථික වර්ධනයට මහත් රුකුලක්” ජනාධිපතිතුමා සඳහන් කළේය.
 

More News..