brand logo

තහනම නොතකා නැව් 2 කින් වහාන 122 ක් වරායට

02 August 2020

වාහන ආනයනය තහනම් කර තිබියදී ජපානයේ වාහන අපනයනකරුවන් පිරිසක් මෙරට වාහන ආනයනකරුවන් පිරිසකට වාහන 122ක් හම්බන්තොට වරායට එවා ඇත. හම්බන්තොට වරායට පැමිණි එක නැවකින් වාහන 121ක්ද, තවත් නැවකින් එක් වාහනයක් ලෙස එම වාහන එවා තිබිණි.
වාහන එකසිය විසි දෙක අතර කුඩා මෝටර් රථවලට අමතරව බස් රථ හා ලොරි රථ ඇති බවට හම්බන්තොට වරායේ ආරංචි මාර්ග පවසයි. පසුගිය මැයි 22 දින නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මෙරටට ආනයනය තහනම් කළ භාණ්ඩ අතර මෝටර් රථද ඇතුළත් වේ. එහෙත් එම ගැසට් නිවේදනයේ ඇති අපහැදිලි කරුණු මත ජූලි 16 වන තෙක් වරායට පැමිණ තිබූ වාහන සඳහා පෙර පැවති තත්ත්වය යටතේ ඒවා නිෂ්කාෂණය කර ගැනීමට අවස්ථාව ලබාදී තිබිණි. එහෙත් මෙම වාහන 122 එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ඇනවුම් කළ ඒවා බව හඟවමින් නිදහස් කරගැනීමට සැලසුම් කර ඇත.
චමින්ද සේනාරත්න
 

More News..