brand logo

තහනම් උත්තේජක ලැයිස්තුව ගැසට්ටුවකින් එයි

26 February 2021

ක්‍රීඩාවල යෙදීමේදී ලොවපුරා තහනම් කරන ලද උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත්කර ඇත. ලෝක තහනම් උත්තේජක ද්‍රව්‍යයන් පිළිබඳ නීති සංග්‍රහයට සමගාමීව නිකුත්කර ඇති මෙම ගැසට් නියෝගය පසුගිය ජනවාරි 01 දා සිට ක්‍රියාත්මකවේ. ක්‍රීඩකයන් විසින් තරග තුළදී භාවිතයට ගත නොහැකි උත්තේජකයන්, සියලු අවස්ථාවල භාවිතය තහනම් කළ ද්‍රව්‍ය, විශේෂයෙන් සඳහන් කරන ලද හා නොකරන ලද ද්‍රව්‍ය, අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍ය මෙම ලැයිස්තුවේ දැක්වේ. තහනම් ද්‍රව්‍ය වලින් සමහරක් රක්ත හීනතාවය, පියයුරු පිළිකා, දියවැඩියාව, වඳභාවය,හෘදයාබාධ,අධික රුධිර පීඩනය,සෙම්ප්‍රතිශ්‍යාව,ඉන්ෆ්ලුවෙන්සා, මාංශ පේශී හා අස්ථි තුවාල වීමෙන් ඇතිවන වේදනා,ඇදුම,ආන්තික ප්‍රදාහය වැනි රෝගවලට ප්‍රතිකාර සඳහා ලබා ගන්නා ඖෂධවල සීමාවකින් තොරව සොයා ගත හැකි බවද ගැසට් නිවේදනයේ දැක්වේ. තහනම් උත්තේජක ද්‍රව්‍ය දෙසීයයකට අධික ප්‍රමාණයක් මෙම ගැසට් නිවේදනය මගින් ලැයිස්තු ගතකර ඇත. අජිත් අලහකෝන්
 

More News..