brand logo

තව මාස දෙකකින්වත් පැරණි ක්‍රමයට පළාත් ඡන්ද බැහැ - ෆැෆරල්

24 November 2018

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණද ඒ සඳහා අවශ්‍ය අණපනත් සම්මත කර ගැනීමට තවත් මාස දෙකකට වැඩි කාලයක් ගතවිය හැකි බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. ඒ අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයට ඒ ඒ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයින්ගෙන් සියයට 25ක් කාන්තා නියෝජනයන් ඇතුළත් කිරීමද දේශපාලන පක්ෂවලට දැඩි අභියෝගයක් විය හැකි බව ඒ මහතා සඳහන් කළේය. ආසන මට්ටමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සීමා නිර්ණය කිරීමට අවශ්‍ය අණපනත් සම්මත කර ගෙන තිබූ බැවින් පැරණි ක්‍රමයට යළි කෙටුම්පතක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පසුව එය නීති කෙටුම්පත් සම්පාදන මණ්ඩලයට යොමු කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකකින් විවාද කර සම්මත කර ගැනීමට මාස දෙකකට වැඩි කාලයක් ගත වේ.
 

More News..