brand logo

තව දින කිහිපයකින් අනිවාර්යයෙන් තෙල් මිල වැඩි කිරීමක්

08 February 2022

විදුලි බිලත් ඉහළ යන ලකුණු

තෙල් මිල වැඩි නොකරන බවට ඇමැති උදය ගම්මන්පිල පැවසුවත් අනිවාර් යෙන්ම තවත් දින කිහිපයකින් මිල වැඩි කිරීමක් සිදුකරන බවට පැහැදිලිවම පැවසිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැසුවේය. එම සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ මේ තත්ත්වය පදනම් කරගෙන විදුලි බිල වැඩි කිරීමට රජය සුදානම් වන බවය. හෙතෙම මෙසේද වැඩිදුරටත් කියා සිටියේය.

''තෙල් මිල වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා ඇමැතිවරයා කියනවිටම ජනතාව බලාපොරොත්තු වෙන්න ඕනේ තෙල් මිල වැඩි කිරීමක් ළඟදීම කරනවා කියලා. ඇමැතිවරයා ජනතාවගේ හිත හදන්න කතා කිව්වට අනිවාර් යෙන්ම තෙල් මිල වැඩි වෙනවා. මේ එන්නේ පෙරහැරේ කසකාරයෝ ටික. ඒ වගේම මේ කියන්න හදන්නේ විදුලි බිල වැඩි කරනවා කියන එක. ඒක ජනතාවට හොඳට තේරෙනවා. අසරණ වෙන්නේ ජනතාව.''

අශිකා ජයවීර
 

More News..