brand logo

තව අවුරුදු 25 කින් වත් එජාප යට මේ රටේ බලයට එන්න බැහැ - නිමල් කියයි

11 February 2020

විධායක බලය ලබා දුන්නා සේ ව්‍යවස්ථාදායක බලයත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදීමට කටයුතු කළ යුතුයි. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(10) ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ පැවති ජන හමුවකදී අදහස් පළ කරමිනි. උතුරු නැගෙනහිර ඡන්ද නැති වෙලා යද්දි දකුණේ ජනතාව මේ රට වෙනුවෙන් ඉතා විශිෂ්ඨ තීරණයක් ගත්තා.බුද්ධිමත් ජනතාව පක්ෂ භ්දයෙන් තොරව ඉතා බුද්ධිමත් තීරණයක් ගත්තා. ජනතාවට විශාල අවශ්‍යතාවයක් තිබුණා මේ රට ගමන් කළ මාර්ගය වෙනස් කළ යුතුයි කියලා.අද එක්සත් ජාතික පක්ෂයත් පිළි ගන්නවා ඔවුන් අතින් වැරදි සිදු වුණා කියලා. අපේ රටේ සම්පත් පැවති රජය විදේශිකයින්යට විකුණුවා.ඒ තුළින් ජනතා අප්‍රසාදය ඔවුන්ට ඇති වුණා.අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ හින්දු පුවත් පතට සදහන් කළා මේ රටේ කිසිම සම්පතක් විදේශිකයින්ට විකුණන්නේ නැහැ කියලා. විශාල ණය කන්දක් එක්ක ලබා දුන් මේ පාලන බලය ජනතා බලාපොරොත්තු ඉටු වන පරිදි මල් පල ගැන්වීම සදහා කටයුතු කිරීමේ වගකීම මේ රජයට තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලය ලබා ගත් දා පටන් සුපිරිසිදු පාලනයක් ගෙන යනවා.අල්ලස දුෂණය පිටු දකිමින් රාජ්‍ය සේවකයින්ට අනවශ්‍ය දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කරමින් ආදර්ශමත් නායකයෙක් ලෙස මේ රට ඉදිරියට ගෙන යනවා.එතුමා ලබා දුන් පොරොන්දු එකින එක ඉටු කරමින් යනවා. අද එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා.එක්සත් ජාතික පක්ෂය අද කැඩිලා බිදිලා සුනු විසුනු වෙලා ගිහිල්ලා තියෙන්නේ.නායකත්වය ගැන කුළල් කා ගන්නවා.එහෙම පක්ෂයක ජනතාව රැදි ඉන්නේ නැහැ. ජනතාවට ඉතා පැහැදිලිව වැටහී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 25 කින් වත් මේ රටේ බලයට එන් බැහැ කියලා.ඒ නිසාම අද එක්සත් ජාතික පාක්ෂිකයින් අපිත් එක්ක එකතු වෙමින් යනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පෝස්ටර් කටටුට් බැනර් වලින් තොරව පරිසර හිතකාමී ලෙස ආදර්ශවත්ව ගෙන ගියා.අපිත් එය ආදර්ශයට ගත යුතුයි.අපිත් මෙවර පෝසටර් කට්අවුට් වලින් තොර ඡන්ද ව්‍යාපාරයක් ගෙන යනවා. ඌව පරණගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන ගැටළු විසදීමට මෙන්ම රැකි රක්ෂා ඇතුළු පොදු ප්‍රශ්න සදහා විසදුම් ලබාදීමට කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.        
 

More News..