brand logo

තවුහිද් අන්තවාදීන් සිටින බවට සැක සහිත ප්‍රදේශ පරික්ෂා කර නැහැ

11 May 2019

රට පුරා තවුහිද් ජමාත් පල්ලි පිහිටි හා අන්තවාදී කොටස් සිටින මුස්ලිම් ගම්මාන මේ වනතෙක් ආරක්ෂක අංශ මගින් සම්පූර්ණ පරීක්ෂාවකට ලක් නොකිරීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැක ජනතාව අතර මතු වී ඇත. රටේ මුස්ලිම් ගම්මාන බොහෝමයක ඉස්ලාම් පල්ලියට අමතරව අන්තවාදී කොටස් ආගම අදහන පල්ලිද ඇති බැවින් එම මුස්ලිම් ගම්මාන මෙම හේතුව මත දෙකඩ වීමකට ලක් වී ඇත. එවැනි පල්ලි දෙකක් ඇති බොහෝ මුස්ලිම් ගම්මානවල වැසියන් අන්තවාදී පල්ලියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමු වී ඇත. කෙසේ වෙතත් පසුගිය දිනවල මුස්ලිම් පල්ලිවලින්, නිවාසවලින් හමු වූ කඩු බොහෝමයක් එකම හැඩයකට සමාන බැවින් එම කඩු එකම කණ්ඩායමක් හෝ පුද්ගලයන් විසින් බෙදාහැරි බවට ආරක්ෂක අංශ සැක කරයි. එසේ හමු වූ කඩු වැඩි ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදනය කළ ඒවාය. එම තත්ත්වයන් මත රට පුරා ඇති මුස්ලිම් ගම්මාන එකවර පිළිවෙළකට පරීක්ෂා කර ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙක් කරුණු දක්වමින් පැවසීය. මෙම තත්ත්වය යටතේ අම්පාර, අක්කරෙයිපත්තුව, සමන්තුරේ, ත්‍රිකුණාමලය, මුතුර්, තෝපූර්, සුරංගල්, කින්නියා, කුච්චවේලි, පොළොන්නරුව, කදුරුවෙල, තඹාල, සුංගාවිල, කුරුණෑගල, නෙලියගොල්ල, සියඹලාගස්කටුව, කැකුණගොල්ල, වාරියපොළ, ගිරිඋල්ල, යන්තම්පලාව, ඉබ්බාගමුව, අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, නාච්චාදූව, මැදවච්චිය, කහටගස්දිගිලිය,  හොරොව්පතාන, මාතලේ, ගලේවෙල, වරකාමුර, උකුවෙල, කෝට්ටගොඩ, රත්තොට, මහනුවර, දවුලගල, තලාතුඔය, ගම්පොළ, පුත්තලම, කල්පිටිය, එළුවන්කුලම, මාදම්පේ, නාත්තණ්ඩිය, ගාල්ල දෙවට, මාගාල්ල, බෝපේපෝද්දල, කළුතර, බේරුවල, කටුකුරුන්ද, වෙට්ටුමකඩ, වැලිපැන්න, සරික්කමුල්ල හම්බන්තොට, මැලේකොලනිය, සිරිබෝපුර, කොළඹ, මාලිගාවත්ත, වැල්ලවත්ත, මට්ටක්කුලිය, හංවැල්ල, පුවක්පිටිය, කෑගල්ලෙ, තල්දූව, දැරණියගල සහ නූරිය ආදී ප්‍රදේශ මේ වන විට නිසියාකාරව පරීක්ෂා කර නොමැති බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..