brand logo

සහරන් හා ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ 05ක් අත්අඩංගුවට

24 May 2019

සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (24) දින හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදී වන අතර මොහොමඩ් නියාස් යන පුද්ගලයා සමඟ සමීප සබඳතා පවත්වමින් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ක්‍රියාවලට දායකත්වය මොවුන් විසින් ලබාදී ඇති බවට වාර්තා වේ. මෙම පුද්ගලයින් කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
 

More News..