brand logo

තව්හිද් සාමාජිකයන් 200න් සියයක් තවමත් රටපුරා

18 May 2019

ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයට ඍජුවම සම්බන්ධ සාමාජිකයන් 100 කට ආසන්න පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බවට තොරතුරු වාර්තා වේ. එම සංවිධානයට ඍජුවම සම්බන්ධ බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති දෙසීයකට ආසන්න මුස්ලිම් අන්තවාදීන්ගෙන් අසූවකට (80) ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර මරාගෙන මැරෙන හා පුහුණුවීම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ සාමාජිකයෝ පනස්හය දෙනෙක් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිති. එසේ අත්අඩංගුවට ගත් සෙසු පිරිස තවුහිඩ් ජමාත් සංවිධානයේ පන්තිවලට, සෙසු වැඩවලට සහභාගි වූ පිරිස බව වාර්තා වේ. ඊට අමතරව තවුහිඩ් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දැඩි තීරණය නිසා ඊට සම්බන්ධ ප්‍රාදේශීය කණ්ඩායම් අතර භේද ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය කඩිනම් කර තිබේ. එම සාමාජිකයන්ගේ වැඩි දෙනකුගේ අදහස වී ඇත්තේ අයිඑස් ප්‍රහාරයක් ශ්‍රී ලංකාව තුළ සිදු නොකර වෙනත් රටකදී සිදු කළ යුතු බවටය. එහෙත් සහාරාන් හා ඔහුගේ කාන්තන්කුඩි සහ කොළඹ කණ්ඩායම් ඊට එකඟ වී නොමැත. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පා මක්කම ගිය කාත්තන්කුඩි තවුහිඩ් ජමාත් සාමාජිකයා හෙළිකර ඇත්තේ තමන් මක්කම ගොස් පැමිණි පසු සියලු තොරතුරු පොලිසියට හෙළිකර සිටින බවයි. කෙසේ වෙතත් මහනුවර, මාවනැල්ල, අනුරාධපුර, පොළොන්නරුව ආදී වශයෙන් කණ්ඩායම් කිහිපයක් සිටින බවට හෙළිකර අැති අතර ඔවුන්ද මරාගෙන මැරෙන ප්‍රහාරවලට අකැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඔවුනගේ අදහස වී ඇත්තේ කතෝලික බෞද්ධ පිළිමවලට හානි සිදු කළ යුතු බවයි. කෙසේ වෙතත් අයි.එස්. සංවිධානය සමග මේ සියලු සම්බන්ධීකරණ කටයුතු කර ඇත්තේ දෙමටගොඩ ‘වර්චුසා’ නමැති පරිගණක මෘදුකාංග ආයතනයක ඉංජිනේරුවකු වන ආදිල් අමිත් නමැති අයකු බවට හඳුනාගෙන ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..