brand logo

තව්හිද් තහනම නීතිපති ළඟ වසර 2ක් හිරවෙලා

01 June 2019

තව්හිද් ජමාද් සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් එම සංවිධානය තහනම් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා දෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට වසර දෙකක් තිස්සේ නිසි ප්‍රතිචාර ලැබී නැත. මෙම ලිපි ගොනු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් නීතිපතිවරයා වෙත යොමු කර ඇත්තේ 2017 වසරේදීය. සහරාන්ගේ ක්‍රියාකාරකම් හා තව්හිද් ජමාත් සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිමය උපදෙස් මෙසේ ඉල්ලා යවා ඇත. එම සංවිධානය තහනම් කිරීමට හා සාමාජිකයන්ට නඩු පැවරීමට මෙසේ අවසර ඉල්ලා ඇතත් නීතිපති උපදෙස් නොලැබීම නිසා 2018 ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා සහරාන්ගේ දේශන සහිත ලිපි විස්සක් අධිකරණයට යොමු කර විදේශගත වීමට නොහැකි ලෙස නඩුවක් පමණක් පැවරීමට හැකි වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පෙන්වා දී ඇත. මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසමට හා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කර ඇමෙරිකාවට දැනුම් දී සහරාන්ලාගේ අන්තර්ජාල තොරතුරු හුවමාරු හා ෆේස්බුක් ගිණුම්වලට බාධා පැමිණවීමටද ක්‍රියා කළ බව ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අනාවරණය වී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..