brand logo

තවත් 514කට කොරෝනා

08 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 514දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69862ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 64141දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 4851දෙනෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 356කි.
 

More News..