brand logo

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 33,000 ඉක්මවයි

14 December 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 356දෙනෙකු හදුනාගෙන ඇත. එම ආසාදිතයින්ගෙන් 302දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර, අනෙක් ආසාදිතයින් 54දෙනා බන්ධනාගාර පොකුරට අයත් වන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 33,146ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 24,309දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, 8685දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
 

More News..