brand logo

තවත් 332කට කොරෝනා ආසාදනය වෙයි

18 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 332දෙනෙකු අද (18) දිනයේ හදුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 53408 දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 45820දෙනෙකු මේ වන විට සුවය ලබා නිවෙස් කරා ගොස් ඇති බවයි. අනෙකුත් ආසාදිතයින් 7324දෙනා තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බව එම ඒකකය සදහන් කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 264කි.
 

More News..