brand logo

තවත් 285දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

11 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 285දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. එලෙස හදුනාගත් ආසාදිතයින් අතර පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 281ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 04දෙනෙකු වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 48665ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ආසාදිතයින්ගෙන් 6342දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, 42091දෙනෙකු සුවය ලබා ඇත. කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 232ක් වේ.
 

More News..