brand logo

තවත් 255කට කොරෝනා

07 January 2021

කොවිඩ් -19 වෛරසය තවත් 255දෙනෙකුට ආසාදනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම ආසාදිතයින්ගෙන් 201දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, අනෙකුත් ආසාදිතයින් 54දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් වේ. ඒ අනුව මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,503ක් වනු ඇත. ඉන් 39661දෙනෙකු සුවය ලබා ඇති අතර, 6623දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 219කි.
 

More News..