brand logo

තවත් 2283දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

24 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 2283දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166484ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර කොවිඩ් ආසාදිතයින් 1296දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 139947ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 25,327දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 1210කි.
 

More News..