brand logo

තවත් 213කට කොරෝනා ආසාදනය වෙයි

05 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 213දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 8922ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 12,400ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 5753දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ආසාදිතයින් 6623දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..