brand logo

තවත් 1531කට කොවිඩ් ආසාදනය වෙයි

31 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1531දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 184983ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් තවත් ආසාදිතයින් 31802දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මේ අතර කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1915දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනයවීමෙන් සුවය ලැබූ සමස්ත ගණන 151740ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ ජීවිතක්ෂයට පත්වූ සමස්ත ආසාදිතයින් ගණන 1441ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..