brand logo

තවත් 127දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

15 April 2021

කොවිඩ්-19 වෛරස ආසාදනය වූ 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,864ක් දක්වා ඉහළගොස් තිබේ. ඉන් ආසාදිතයින් 92,308ක් සුවය ලබා ඇති අතර, ආසාදිතයින් 2825දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 

More News..