brand logo

තවත් හමුදා නිලධාරියෙකුට කැඳවීමක්

20 October 2018

ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරීවරයෙකුට නැවතත් ‍ලංකාවට ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබේ. මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් මෙලෙස ඉල්ලා ඇත. ඒ එම නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තාවීමත් සමගින් බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවසුවේ මහ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා සමඟ කටයුතු කිරිමට නියමිත බවයි.
 

More News..