brand logo

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට රැගෙන එයි

22 July 2021

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට රැගෙන විත් තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම එන්නත් තොගය මෙරට රැගෙන ආ බවයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවක් බවයි. අද දිනයේ මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතයි. මීට අමතරව මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..