brand logo

තවත් ශ්‍රී ලාංකිකයින් 120ක් දිවයිනට

12 August 2020

කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාපතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 120දෙනෙකු අද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කලේ කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 1.45ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. එමෙන්ම එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 107දෙනෙකු ද ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.25ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙලෙස දිවයිනට සියලුම මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර ඇත.
 

More News..