brand logo

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයික් 7දෙනෙක් ලබන 25 වැනිදා දකුණු අප්‍රිකාවට

23 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග සදහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7දෙනෙකු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ලසිත් මාලිංග, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, තිසර පෙරේරා, කමින්දු මෙන්ඩිස් සහ ප්‍රියමාල් පෙරේරා මෙලෙස දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම ක්‍රීඩකයින් ලබන සදුදා (25) උදෑසන 9.55ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 651දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඉසුරු උදාන ලබන 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
 

More News..